මේ අතර ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් තවමත් ජනතාව පෝලිම්වල රැඳී සිටිනවා.
ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය අප කළ විමසීමකදී පැවසුවා.
ජනතාව මෙලෙස ඉන්ධන පෝලිමේ රැඳී සිටීම නිසා ඉන්ධන පිරවුම්හල් අසල මාර්ගවල එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී යාමේ තත්වයට පත්ව තිබෙනවා.
එලෙස හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පවතින ඉන්ධන පෝලිමක් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්රයට ඉන්ධන ලබා දීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය හේතුවෙන් රෝහල්වල වැඩ කටයුතු අඩාල වී තිබෙනවා.
ඒ අනුව දියතලාව මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.



