පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

Share

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ නිල නිවේදනය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත නිකුත් කළා.

නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට අදාළ ක්‍රියාදාමය දින හතක් තුළදී අවසන් කරන බවද කතානායකවරයා දැනුම් දුන්නා.

මේ අතර හෙට දිනයේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙන බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු දහයට රැස්වීමට නියමිතයි.

Read more

Local News