ඊයේ දින පැමිණීමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් රැගත් නෞකාව, තවත් දිනයකින් ප්‍රමාද වන බව, බලශක්ති අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එම ඩීසල් නෞකාව, හෙට දින පැමිණීමට නියමිතව බවයි, ඔවුන් පවසන්නේ. මේ අතර ඉන්ධන බෙදාහැරීමේදී ඇති වූ උණුසුම්කාරී සිදුවීම් කිහිපයක් ද, ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.
අද දින සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කරන දිනයක් වුවද බණ්ඩාරවෙල දියතලාව මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින්ට තවමත් ඉන්ධන ලැබී නැති බවයි ඔවුන් පවසන්නේ.
ඒ හේතුවෙන් පාර අවහිර කරමින් සෞඛ්‍ය සේවකයින් විරෝධය පළ කළේ මේ ආකාරයටයි.



