යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 142ක්

Share

ලෙයට ලෙයක්, ඇසට ඇසක්, එපා තවත් කඳුළු ගඟක්. යුක්‍රේනය සොහොන් බිමක් වී අවසන් මේ වෙද්දි.

දින එකසිය හතළිස් දෙකක් සපිරෙන මේ යුද ගැටුමේ අවසානයක් පෙනෙන්න නැහැ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල උවමනාව මත රුසියාව යුක්‍රේන භූමිය තුළ හිම මත ගිනි අවුළුවා අවසන්.

ඊයේ දිනත් රුසියාව යුක්‍රේන නගරයට මිසයිල ප්‍රහාර එල්ල කරා.

රුසියාව ඊයේ මෙම නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් විසි දෙදෙනෙකු මියගියා.

ඒ අතර කුඩා දරුවන්ද සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර ලන්ඩනයේ තානාපති පවසන්නේ බ්‍රිතාන්‍ය තව තවත් යුක්‍රේනයට ආධාර සැපයීම තුළ යුක්‍රේන යුද ගැටුම යුද්ධයක් ලෙස පවතිනු ඇති බවයි.

Read more

Local News