හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ, බහුතර එකඟතාවයෙන් මතයි එය ප්‍රකාශයට පත් කෙරුණේ.
මෙම නියෝගය ලබන 28 වනදා තෙක් බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන් වුණා.



