ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්

Share

රටතුළ ඉන්ධන බෙදාහැරීම සඳහා ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව http//fuelpass.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුය.

එම වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට හිමි ඉන්ධන අවසරපත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම (16) සිට ජනතාවට විවෘතව පවතී.

මෙහිදී පාරිභෝගිකයින්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස් ගමන් බලපත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කර තම වාහනය ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි කළ හැකියි.

භාෂා ත්‍රිත්වයෙන්ම ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

Read more

Local News