ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද

Share

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

සිය පළමු ඉනිම ක්‍රිඩා කළ පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 218 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 40 ක්.

Read more

Local News