කඳුළු ගෑස් උණ්ඩ පනහක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

පස් පසුගිය දහතුන් වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වුණා.

එම විරෝධතාවය පාලනය කිරීම සඳහා රැගෙන එමින් තිබියදී පැහැර ගත්තේ යැයි පවසන කඳුළු ගෑස් උණ්ඩ පනහක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින්.

ඔබේසේකරපුර නානායක්කාර මාවතේ දී තිස් එක් හැවිරිදි එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරු මත ගෝතමී පාරේ ඔහු තාවකාලිකව පදිංචි වී සිටි නිවසේ තිබී පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ පනහක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News