සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන ලබා දීම එළඹෙන විසි එක් වෙනිදා දින සිට ආරම්භ කරන බවත් QR කේතයට සහ වාහනයෙ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීම එදින සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා ප්රකාශ කරනවා.
එදින සිට ඉන්ධන ලබා දීමට සියලු වැඩ කටයුතු සූදානම් කර ඇති බවත් ඒ හේතුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මේ වන විට යුද හමුදාව මගින් ලබාදී ඇති token ක්රමය විසි එක් වෙනිදා සිට අවලංගු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Q R කේත ක්රමය යටතේ වාහන හිමියන්ට දින දෙකක් ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවත් කෝටා ක්රමයක් යටතේ ඉන්ධන ලබා දීම සිදු කරන බවත් ඒ අනුව ලංකා පුරාම සියලුම ඉන්ධන පිරහුම් හල් සඳහා යම්කිසි ප්රමාණයක ඉන්ධන ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ඔහු කියා සිටියා.
කෝටා ක්රමයක් යටතේ වාහන වලට ඉන්ධන ලබා දීම සිදු කරන බවත් කේතය ලබා ගන්නා පුද්ගලයෙකුට ඕනෑම ස්ථානයකින් එය ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමේ පහසුකම ඇති බවත් එය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.



