රට තුළ හදිසි තත්ත්වයක් බලාත්මක කිරීම පිළිබඳව නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්

Share

රට පුරා හදිසි නීතිය යළි බලාත්මක කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ දිවයින පුරා හදිසි නීතිය බලපැවැත්වෙනු ඇති. මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ දිනයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් නිකුත් කර තිබෙනවා.

මේ අතර රට තුළ හදිසි අවස්ථා තත්ත්වයක් බලාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.

එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වූ මහජන විරෝධතා රටේ වත්මන් තත්වයට හදිසි නීතිය ප්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බවයි.

ඒ අනුව හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කිරීම වහා අවලංගු කළ යුතු බවයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස.

Read more

Local News