නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි

Share

මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් විසින්.

සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ මනූෂ නානායක්කාර විසින්.

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් විසින් එහි නායක අනුර කුමාර දිසානායක යෝජනා කළ අතර එය ස්ථිර කළේ, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරතුංග විසින් ස්ථිර කළා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (20) උදෑසන 10 දක්වා කල්තැබුණි.

Read more

Local News