අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

Share

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

සංශෝධන ගාස්තු පිළිබඳ නිර්දේශය ඊයේ (18) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ බවද ඔහු සඳහන් කළා.

Read more

Local News