වාහන අංකය අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කෙරේ

Share

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ලබාගත හැකි සංශෝධිත දින පහතින්.

  • 0, 1, 2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
  • 3, 4, 5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
  • 6, 7, 8, 9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

​මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා ඊයේ (19) දිනය වන විට මිලියන 2 ක් සාර්ථකව ලියාපදිංචි වී තිබෙන බ​ව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

Read more

Local News