බලංගොඩ, කිරිඳිගල ප්රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකුට නිවැසියන් සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ බලංගොඩ, මුගුණමලේ ප්රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් එම නිවසේ සැමියා, බිරිඳ සහ බිරිඳගේ මව්පියන් බලංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



