ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු තමන්ව දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.
නීතිඥ නුවන් බෝපගේ ඇතුලු කිහිප දෙනෙක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කරනවා.
එසේම ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිටින ස්ථානයද දැනුවත් කළ යුතු බවද ඔහුගේ නිවේදනයේ සඳහන් වේ.
