නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ ( ජූලි මස 21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු (04) ඇතුළුව පිරිමි පුද්ගලයන් 19 ක්, කාත්තාවන් 09 ක්, ළමුන් 05 ක් සමඟ පුද්ගලයන් 33 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 18 ත් 65 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් ඇතුළු පිරිස හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

Read more

Local News