ගතවූ මාසයට කොවිඩ් රෝගීන් 1361 ක් – මරණ 35 ක්

යළිත් රට පුරා කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ගතවූ මාසයට අදාළව මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව එක්දහස් තුන්සිය හැට එකක්.

එම කාල සීමාවට අදාළව තහවුරු වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව තිස් පහක්.

ඊයේ දිනයේත් කොවිඩ් ආසාදිත රෝගීන් එකසිය දහතුන් දෙනෙකු තහවුරු වුණා.

මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙන්නේ ඕමික්‍රෝන්, බී ඒ 5 ප්‍රභේදයයි.

මේ හේතුවෙන් රෝහල් ගත වීම්ද වැඩි විය හැකි බවටයි, සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්න ඉන්නේ.

Exit mobile version