QR ක්‍රමයේ දෙවන කෝටාව ආරම්භයි

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරිණි.

සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ මෙය යාවත්කාලීන කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය සතියේ ඉන්ධන ලබාගත් ආකාරයට යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලු වාහන සඳහා ඉන්ධන ලබාදීම සිදුකෙරේ.

Exit mobile version