ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4.664කි.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,872කි.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් රුපියල් 869කි.

Exit mobile version