බන්දුල ගුණවර්ධන පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණයක

පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථානවලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ අදහස් කළේ, (11) දින පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි .

Exit mobile version