රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 176 යි.
මේ වන විට ජාත්‍යන්තරයේ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් ලෙස යුක්‍රේනයේ පිහිටි සර්පෝෂියාහි පිහිටි න්‍යෂ්ටික බලාගාරය හඳුන්වන්න පුළුවන්.
එම බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි.
නමුත් තවමත් එහි සේවයේ නිරත වන්නේ යුක්‍රේන සේවකයින්.
රුසියාව මෙම සේවකයින්ට අද දවසේ බලාගාර සේවයට එන්න එපා කියලා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ බව යුක්‍රේන බුද්ධි අංශ තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.
රුසියාව මෙම න්‍යෂ්ටික බලාගාරයට ආයුධ ගෙන ගිය බවද වාර්තා වනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් මේ වන විට රැදී සිටින්නේ යුක්‍රේනයේ ලීවිව්හි.
ගුටරේස්ගේ යුක්‍රේන සංචාරයත් සමඟ රුසියාවේ මේ සූදානම තවත් ප්‍රහාරයක් සඳහා ද ?
එසේ වුවහොත් න්‍යෂ්ටික බලාගාරයක් යුධ කඳවුරක් බවට පත්කර ගන්නා පළමු අවස්ථාව මෙය විය හැකියි.



