මේ දිනවල මධ්‍යම සහ දකුණු යුරෝපය පුරා අයහපත් කාලගුණ තත්වයක් පවතිනවා.
ඒ අධික වර්ෂාව, දැඩි සුළං සහ කුණාටු ඇතිවීම නිසයි.
මේ හේතුවෙන් යුරෝපය පුරා පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊට ළමුන් 3 දෙනෙකුද ඇතුලත්. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පරිසර හානි මෙන්ම දේපල හානිද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.




