යුක්‍රේනය සිය 31වන නිදහස් දිනය සැමරුවා. ඒ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇඳිරි නීතියද යොදාගෙනයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද නිදහස් සැමරුමට එක් වුණා.
බටහිර රටවල් ගෑස්වලින් වන්දි ගෙවද්දි යුක්‍රේනය සිය රුධිරයෙන් වන්දි ගෙවන බවයි බොරිස් ජොන්සන් මෙහිදී පවසා ඇත්තේ.
බොරිස් ජොන්සන්ට විශේෂ සම්මානයක් පිරිනැමීමටද යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි අමතක කළේ නැහැ.
තවත් ඩොලර් මිලියන 66ක ආධාර පැකේජයක් ලබා දීමට බොරිස් ජොන්සන් ක්‍රියාකර තිබෙනවා. නිදහස සමරමින් සිටියදී මධ්‍යම රාත්‍රියේ යුක්‍රේනයේ ඩින්ප්‍රෝ හි චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
නිදහස් දිනයේ මධ්‍යම රාත්‍රියේදී යුක්රේනුවන් 22නෙකුට ජීව්ත අහිමි වුණා. පනහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අද ජෝ බයිඩ්න් සහ සෙලෙන්ස්කි අතර දුරකතන සංවාදයක් පැවැත්වීමටද නියමිතයි.
මාස හයක යුද්ධයක් තිබුණත් යුක්රේනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.




