කඩිනමින් මැතිවරණයකට යාමට උත්සාහ කරනවා අගමැතිගෙන් ප්‍රකාශයක්

Share

ඡන්ද කල් දාන්න කිසිදු උවමනාවක් නැති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ දී ය.

නමුත් අපි කාල නීර්ණය කඩිනමින් පවත්වා මාර්තු මාසය වන විට අපි පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරනවා. ඒ ගැන කිසිදු සැකයක් තබා ගන්න එපා. එකම මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නයි මේ සංශෝධන ගෙන එන්නේ. අපගේ අරමුණ වූයේ පළාත් සභා සියල්ල එකවර පැවැත්වීමයි. පළාත් පාලන මැතිවරණ කල්ගියේ පසුගිය සමයේ සිදු කළ කාල නිර්ණය තිබුණ විවිධ අඩුපාඩු නිසයි. ඒ සියල්ල සකස් කර ගනිමින් අපි කඩිනමින් මැතිවරණයකට යාමට උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසිය.

Read more

Local News