යුක්‍රේනයේ සිට ධාන්‍ය රැගෙන ගිය නැවක සුක්කානම හිරවෙයි

Share

න්‍යෂ්ඨික විකිරණ සම්බන්ධයෙන් ලොව සිටින ප්‍රධාන පෙළෙ විශේෂඥ කණ්ඩායමක් ඊයේ සර්පෝෂියා වෙත ලඟා වුණා. ඒ මාධ්‍ය කණ්ඩායමක්ද සමඟයි.
නමුත් මාධ්‍ය කණ්ඩායමට සර්පෝෂියා බලාගාරය ඇතුලට යාමට රුසියානු හමුදා ඉඩ ලබා දී නැහැ.

යුක්‍රේන ටෙනිස් ක්‍රීඩිකා මර්තා කොස්ටක්, බෙලරුසියානු ක්‍රීඩිකා වික්ටෝරියා අසරෙන්කාට අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබෙණවා. ඒ එක්සත් ජනපද විවෘත්ත ටෙනිස් තරගාවලියෙදීයි.

මේ අතර රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නතර කරමින් ඉන්නවා. විශේෂයෙන් ජර්මනියට ගෑස් සැපයුම නතර කිරීමටයි රුසියාව ක්‍රියා කර ඇත්තේ.

රුසියාව ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම නතර කළ හොත් මේ ශීත ඍතුවේදී ඊට මුහුණ දීමට සුදානම් බව ජර්මන් චාන්ස්ලර් ඔලාෆ් ෂෝල්ස් පවසනවා.
යුක්‍රේනයේ සිට ධාන්‍ය රැගෙන ගිය නැවක සුක්කානම හිරවී තිබෙනවා.නැව බොස්ෆරස් සමුද්‍ර සන්ධිය හරහා ගසාගෙන ගොස් තිබෙනවා.

පුටින් හා පාසල් සිසුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පැවති බව වාර්තා වනවා.
එහිදී පුටින් පවසා ඇත්තේ නැගෙනහිර යුක්රේන දරුවන්, යුක්රේනය යනු රුසියාවේම කොටසක් බව දන්නේ නැති බව කනගාටුවට හේතුවන බවයි.

Read more

Local News