රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 195 යි. මේ වන විට මෙම ගැටුම ජාත්‍යන්තරේ දැඩි කතාබහට ලක්වන බව සැවොම දන්නා කරුණක්. ඒ අතරින් යුක්‍රේනයේ සර්පෝෂියා බලාගාරය ප්‍රධාන වනවා. සර්පෝෂියා න්‍යෂ්ටික බලාගාරය අවට තවමත් දරුණු සටන්ද පවතිනවා.
ඊයේ දින සර්පෝෂියාහි (Enerhodar) ප්‍රදේශයේ ෂෙල් වෙඩි හුවමාරු වී තිබෙනවා.
රුසියාව පවසන්නේ යුක්‍රේනය එම ප්‍රදේශයට ෂෙල් වෙඩි 20ක් එල්ල කල බවයි.
මේ වන විට එම ප්‍රදේශයේ ජලය හා විදුලිය ඇණහිට ඇති බවද වාර්තා වනවා.
මේ හේතුවෙන් සර්පෝෂියා බලාගාරයේ අනතුරුදායක තත්වය තවමත් පවතින බව ජාත්‍යන්තර න්‍යෂ්ටික ඒජන්සියේ ප්‍රධානියා පවසනවා.
ඔහු පවසන්නේ බලාගාරයේ ආරක්ෂාව සඳහා තාවකාලික විසදුම් ක්‍රියාත්මක කිරීම ඉතා ඉක්මනින් සිදු කල යුතු බවයි.
බලාගාරය අවට ෂෙල් වෙඩි හුවමාරු වීම අඛන්ඩව සිදුවන බැවින් ඒ අවට ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට නම් කිරීමට කටයුතු කල යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එසේ කලේ නැත්නම් එය න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාවට නිරන්තරයෙන් තර්ජනයක් වන බවයි ඔහු පවසන්නේ.
මේ අතර රුසියාව සිය යුධ බලය වැඩි කර ගැනීමට කටුයුතු කරමින් සිටින බව අමෙරිකානු බුද්ධි අංශ පවසනවා.
ඔවුන් පවසන්නේ රුසියාව උතුරු කොරියාවෙන් රොකට් හා කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි.
බටහිර රටවල් දිගින් දිගටම රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ක්‍රියා කළා.
ඒ අතර වාරයේදී උතුරු කොරියාව රුසියාව සමඟ සිය මිත්‍ර සබදතා දැඩි කර ගැනීමට කටයුතු කල බව අමෙරිකානු බුද්ධි අංශ පවසනවා.
මේ ගැටුම් මධ්‍යයේ රුසියාව මහා පරිමාණ වශයෙන් යුධ අභ්‍යාසවල නිරත වනවා. රුසියානු ජනාධිපති පුටින් අද සිය රටේ හමුදා අභ්‍යාස නැරඹීමට එක්ව සිටින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.