අවශ්‍ය වුවහොත් සර්පෝෂියා න්‍යෂ්ඨික බලාගාරය වසා දමනවා – යුක්‍රේනය කියයි

Share

මේ වසර අවසන් වන විට කේසොන්හි බලය යලි අල්ල ගැනීමට හැකිවනු ඇතැයි යුක්‍රේනය පවසනවා. දැනට කේසොන්හි බලය ඇත්තේ රුසියාව අතයි.

අවශ්‍ය වුවහොත් සර්පෝෂියා න්‍යෂ්ඨික බලාගාරය වසා දමන්නට සුදානම් බවද යුක්‍රේනය පවසනවා.

දැනට සර්පෝෂියා ආශ්‍රිතව යුක්‍රේනය පවසනවා.

දැනට සර්පෝෂියා ආශ්‍රිතව යුක්‍රේනය සේම රුසියාවද විවිධ යුධ ක්‍රියාකාරකම්වල නිරත වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර රුසියානු ආක්‍රමණය යටතේ පවතින සර්පෝෂියා වලින් ඉවත්වන ලෙස යුක්‍රේනය සිය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

බටහිර සමහර රටවල් රුසියාව සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සම්පුර්ණයෙන් හෙළ දකින බව තුර්කිය අවධාරණය කරනවා.

මේ අතර ඇතම් තත්වයන් යටතේ රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවධානමක් පවතින බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ.

මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ මේ වන විට තම භුමියේ සමහර ස්ථාන යලි අල්ල ගැනීමට හැකි වූ බවයි.

මේ අතර යුක්‍රේනයේදී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර බාර දී තිබෙනවා. ඔහු රුසියානු හමුදා අතින් වදහිංසාවට ලක්ව මිය ගිය බවට සාක්ෂි ඇතැයි යුක්‍රේනය පවසනවා.

Read more

Local News