රුසියා යුක්‍රේන යුධ ගැටුම ආරම්භ වී මේ ගෙවෙන්නේ 202 වන දිනයයි. මේ වනවිට රුසියානු හමුදාව යුක්‍රේන භූමිය තුල කිසියම් පසු බෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍යයේ සඳහන්.
මීට පෙර රුසියානු හමුදාව යුක්‍රේන භූමියේ නගර කිහිපයකම බලය අල්ලා ගැනීමට කටයුතු කළා. නමුත් මේ වන විට යුක්‍රේන හමුදාව එම ප්‍රදේශවල රුසියානු පාලනය බැඳ දමා සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. කර් කිවුහි පාලනය නැවතත් යුක්‍රේන හමුදා යටතට ගැනීමට හැකිවූ බව යුක්‍රේනය පවසනවා. එසේම vovchansk නගරය තම පාලනයට ගත් යුක්‍රේන හමුදාව එහි ඇති රුසියානු ධජ හා බැනර් විනාශ කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ අනුව රුසියානු හමුදාව කිසියම් පසුබැසීමකට ලක්ව ඇති බව යුක්‍රේන බුද්ධි අංශ පවසනවා.
සැප්තැම්බර් මස ආරම්භයේ සිට මේ දක්වා වර් ග කිලෝමීටර් 6000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් තම හමුදාව අත්පත් කරගෙන ඇති බව සෙලෙන්ස්කි පවසනවා.
දෙරට අතර යුද්ධය ආරම්භ වූ මුල් කාලවකවානුව තුල යුක්‍රේන හමුදාවට දිනකට 1km පමණයි ඉදිරියට යාමට හැකිවී ඇත්තේ. නමුත් මේ වන විට දිනකට 20km පමණ ඉදිරියට යාමට හැකි වූ බව එරට ආරක්ෂක අංශ පවසනවා.
රුසියානුවන්ට මේ මොහොතේ බොහෝ තේරීම් නැති බවත් ඔවුන්ට යුධ ශක්තිය ලබා ගැනීමට කාලයක් ගතවන බවයි යුක්‍රේනය පවසන්නේ.
මේ අතර ඉරාන ඩ්‍රෝන යානයක කොටස් යුක්‍රේන භූමියෙන් සොයාගෙන තිබෙනවා. මෙය රුසියාව භාවිතා කරන්නට ඇති යුක්‍රේනය පවසනවා.
අදාල ඩ්‍රෝන යානය මරාගෙන මැරෙන යානයක් යානයක් බවයි ඔවුන් පවසන්නේ. තවද ඉරාන බෝම්බ සහිත ඩ්‍රෝන යානා 100 ගණනක් රුසියාවට යැවීමට සූදානම් වන බව අමෙරිකානු බුද්ධි අංශ පසුගිය ජූලි මාසයේදී ප්‍රකාශ කළා.