යුක්‍රේන-රුසියා යුධ ගැටුම පිළිබඳ නවතම තත්ත්වය

Share

එක්සත් ජාතීන්ගේ 71 වන සැසිවාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට යුක්‍රේන ආක්‍රමණය පත්ව තිබෙනවා. මෙහිදී කතාකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළේ න්‍යෂ්ටික යුද්ධයකට කිසිදු ජයග්‍රහණයක් අත්වන්නේ නැති බවයි.

මේ අතර පුටින් පවසන්නේ රුසියාවේ ස්වෛරීත්වය කිසිවෙකුටවත් බිඳ දමන්නට ඉඩ දෙන්නේ නැති බවයි. මේ අතර සිය හමුදා බලය ශක්තිමත් කිරීමට පුටින් දරන උත්සාහය අසාර්ථක දුර්වල උත්සාහයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනි සහ යුරෝපිය කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලියන් ප්‍රකාශ කරනවා.

මේ අතර රුසියාව අල්ලාගෙන සිටින ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සූදානම් ව්‍යාජ ජනමත විචාරණයට යුරෝපා සංගමය විරෝධය පල කරනවා.

මේ අතර රුසියාව හා යුක්‍රේනය අතර සිරකරුවන් හුවමාරුව සාර්ථකව අවසන් වී තිබෙනවා.

මේ වන විට එක්සත් ජාතීන්ගේ 71 වන සැසිවාරය නිව්යෝර්ක්හි පැවැත්වෙනවා. සැසිවාරය ඇමතු අමෙරිකානු ජනාධිපති බයිඩ්න් පවසන්නේ රුසියාව ස්වාධින රාජ්‍යක් ආක්‍රමණය කිරීම නින්දිත ක්‍රියාවක් බවයි. විශේෂයෙන් න්‍යෂ්ටික යුද්ධයක් තුල ජයගැනීමට සිතීම විහිළුවක් බවද ජෝ බයිඩ්න් අවධාරණය කරනවා.

මේ අතර මොස්කව් ජනතාවද පුටින්ට විරෝධය පළකරන බවයි වාර්තා වන්නේ.

ඒ තරුණයින් හමුදාවට බඳවා ගැනීමට විරෝධය පලකරමිනුයි. විරෝධතාකරුවන්ව අත්අඩංගුවට ගැනීමට පුටින් ක්‍රියාකරමින් සිටින බව වාර්තා කරනවා.

මේ වන විට නගර 38 ක පුද්ගලයින් 1000 කට වැඩියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News