රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 218 යි

Share

සාම සාකච්ඡා සඳහා යලි අවස්ථාවක් දෙන ලෙස තුර්කි ජනාධිපති රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා තිබෙනවා.

නෝර්ඩ් ස්ටී්‍රම්හි ගෑස් කාන්දු සිදුවන හතරවන ස්ථානයක් ද හදුනාගෙන තිබෙනවා.

ගෑස් කාන්දුව සිදුවන එක් ස්ථානයක විශ්කම්භය කිලෝමීටර් එකක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මේ වන විට විශාල වශයෙන් මීතේන් වායුව පරිසරයට පිටවෙන්නට පටන් ගෙන තිබෙනවා.

ඩොනෙක්ස්, ලූහාන්ස්ක් , කේසෝන්, සර්පෝර්ෂියා යන ප්‍රදේශ 4 ස්වාධීන රාජ්‍ය ලෙස අද නම් කරන බවයි පුටින් පවසන්නේ.

මෙම ව්‍යාජ ජනමත විචාරණය බටහිර රටවල් හෙලාදැක තිබෙනවා.

මෙම ප්‍රදේශවල තවමත් දැඩි සටන් පවතින බවයි වාර්තාවන්නේ. යුද්ධය ආරම්භ වූ දා සිට යුක්‍රේනුවන් ලක්ෂයකට වැඩි පිරිසක් බ්‍රිතාන්‍යට පලාගොස් තිබෙනවා.

රුසියානුවන්ට ෆින්ලන්ත දේශසීමා ඔස්සේ ඇතුළු වීම අද සිට තහනම් කර තිබෙනවා.

Read more

Local News