ආනයනික සහල්වල බැර ලෝහ නැති බවට හෙළිවෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Share

ආනයනික සහල්වල බැර ලෝහ ඇති බවට පසුගියදා දැඩි කතාබහක් ඇති වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසුවයි.

මෙම තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර ආරක්ෂණ ඒකකය, ආනයනික සහල්වල බැරලෝහ ඇත්දැයි පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගැනීම සිදුකළා.

එම සාම්පල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙරට පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා. එලෙස යොමු කළ ආනයනික සහල් සාම්පල දෙසිය හැත්තෑ පහකින් සාම්පල දෙසීයක පමණ පරීක්ෂණ වාර්තා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී තිබුණා.

එම සාම්පල් පරීක්ෂාවේදී තහවුරු වී තිබුණේ මෙරටට ආනයනය කරන සහල්වල බැර ලෝහ නැති බවයි. කෙසේ වෙතත් තව දුරටත් ආනයනික සහල් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

Read more

Local News