රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 221 වන දිනයයි

Share

යුක්‍රේනයේ ලුහාන්ස් ඩොනෙක්ස් කෙසෝන් සහ ස්ර්පොෂියා යන ප්‍රදේශ මේ වන විට රුසියාවටම අයත් ප්‍රදේශ ලෙස පුටින් නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්. පසුගිය සිකුරාදා දින මෙලෙස නිල වශයෙන් මේ ප්‍රදේශ හතර රුසියාවට ඈඳා ගැනීමත් සමඟ ලොවම භීතියට පත් කරන ප්‍රකාශයක් පුටින් පවසා තිබෙනවා. පුටින් පවසන්නේ තම රට සතුව විවිධ විනාශකාරී ආයුධ ඇති බවත් යුද්ධය තුළ අපිට ඇති සියලුම ක්‍රම භාවිතා කරන බවයි.

එසේ ම පුටින් ප්‍රකාශ කර සිටියේ තමන් කිසි විටෙක බොරු කරන්නේ නැති බවයි. පුටින්ගේ මේ කතාවට බයිඩ්න් ද සිය ප්‍රතිචාරය දක්වා තිබුණා. ඔහු පවසා සිටියේ පුටින්ගේ ප්‍රකාශවලට කිසි විටෙකත් බිය නොවන බවයි. ලයිමන් නගරය රුසියාවට අහිමිවීමත් සමඟ න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානම් වන ලෙසට පුටින්ට මේ වනවිට යෝජනා රැසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ දෙසිය විසිඑක් වන දිනයයි.

මේ යුධ ගැටුම් අතරතුර යුක්‍රේන සොල්දාදුවන් සමග සිවිල් වැසියන්වද සිය ග්‍රහණයට ගැනීමට රුසියාව කටයුතු කළා. එලෙස රුසියාවේ අත්අඩංගුවට පත් වූ යුද සිරකරුවන්ට වදහිංසා පනවා ඇති බවට හෙළිවී තිබෙනවා. ඒ යුක්රේන නාවිකයෙකු වන මිහායිලෝ ඩයිනෝ රුසියානු රැඳවුම් භාරයෙන් නිදහස් වී පැමිණීමත් සමඟයි. ඔහුගේ ශරීරය තුවාල සහිතව ඉතා දුර්වල මට්ටමක තිබෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේම එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ රුසියාව භාරයේ සිටින ස්ර්පොෂියා බලාගාරයේ ප්‍රධානියාව වහා නිදහස් කරන ලෙස ලෙසයි. මේ අතර යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පාසල් ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රුසියානු ජනපති පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ප්‍රචණ්ඩත්වයෙන් ගෙන යන ගැටුම් වහා අවසන් කරන ලෙසටයි. මේ අතර ජර්මනිය, ඩෙන්මාර්කය සහ නොර්වේ යන රටවල් යුක්‍රේනයට අධි තාක්ෂණික යුද ටැංකි දාසයක් මිලදී ගැනීමට යුරෝ මිලියන අනූ දෙකක් වැය කරන බව ජර්මානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

කිලෝමීටර් හතලිහක දුරක සිට මෙම උපකරණවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින අතර, ස්ලෝවැකියාවේ මෙම යුද උපකරණ නිෂ්පාදනය කරනු ලබන්නේ. මේ අතර යුක්‍රේනයේ කලාප හතරක් රුසියාව ඈඳා ගැනීමෙන් පසු නේටෝ සාමාජිකත්වය කඩිනමින් ලබා ගැනීමට යුක්‍රේන ජනපති පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ අනුව මේ සඳහා නේටෝ රටවල් දහයකට ආසන්න සංඛ්‍යාවක් සිය කැමැත්ත පළකර තිබෙනවා. මෙලෙස සිය කැමැත්ත පළකර රටවල නායකයින්, ඔවුන්ගේ වෙබ් අඩවිවල විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය ආරක්ෂා කිරීමට අපි සහය දෙමු යන්නයි. මේ අතර රුසියානු පාලනයේ තිබූ කේසෝන් කලාපයේ ජනාවාස දෙකක් යළි සිය පාලනයට ගැනීමට හැකි වූ බව සෙලෙන්ස්කි පවසනවා. එසේම ස්ර්පොෂියා බලාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව පැහැර ගැනීම, රුසියාවේ භීෂණ ක්‍රියාවක් බවයි, සෙලෙන්ස්කි සිය සුපුරුදු සවස දේශනයේදී ප්‍රකාශ කර සිටියේ.

Read more

Local News