රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 223 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 223 වන දිනයයි.

රුසියා යුක්‍රේන යුධ ගැටුමේ නිමාවක් තවමත් පෙනෙන්නට නැහැ.

ඒ අනුව යුක්‍රේන රුසියා යුධ ගැටුම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතිනවා.

කෙසේ වුවද රුසියානු පාලනය යටතේ පැවති ලයිමන් නගරය නැවතත් යුක්‍රේන හමුදා අත්පත් කරගනු ලැබුවා.

පසුගියදා රුසියාව පැවැත්වූ ජනමත විචාරණයෙන් පසුව යුක්‍රේනයේ ප්‍රදේශ 4ක පාලනය රුසියාව යටතට ගනු ලැබුවා.

මෙම ජනමත විචාරණය ව්‍යාජ ජනමත විචාරණයක් ලෙසයි යුක්‍රේනය හැදින්වුයේ.

කෙසේ වෙතත් ජනමත විචාරණයෙන් සතියක් ගෙවී යන්නට පෙර යුක්‍රේනයේ හමුදාව යුධ බිමෙහි සාර්ථකත්වයක් ලබා ගත් බව සෙලෙන්ස්කි පවසනවා.

යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයේ මෙන්ම නැගෙනහිර ප්‍රදේශයන්හිද දහස් ගණනක ජනතාව මුදවා ගැනීමට යුක්‍රේන හමුදාවට හැකිවී තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේන හමුදාව ලබන සාර්ථකත්වය හමුවේ රුසියානු ජනාධිපති පුටින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට වැඩි හැකියාවක් ඇති බව ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පෙන්වා දෙනවා.

Read more

Local News