රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ දෙසිය විසිනව වන දිනයයි.
කර්ච් පාලම එහෙමත් නැත්නම් ක්‍රිමියා පාලමේ පිපිරීමෙන් පසු පුටින් යුක්‍රේනයට චෝදනා එල්ල කල යුක්‍රේනය ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන බව පවසමින්. කෙසේ වෙතත් මේ යුද්ධය තුල කර්ච් පාලම රුසියාවට ඉතා වැදගත්. ඊට හේතුව දකුණු යුක්‍රේනයේ සටන් කරමින් සිටින රුසියානු හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ ඇතුළු සැපයුම් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගය මෙම පාලම වීමයි.
එසේම පසුගිය දින කිහිපයේම රුසියාව දැඩි ලෙස මේ යුද්ධය තුළ පසුබෑමකට ලක්වුණා. මේ තත්වය හමුවේ රුසියාවේ හමුදා නායකත්වය දැඩි ලෙස රුසියානු පාර්ශවය විවේචනය කරන්නට වුණා. ඒ අනුව එම විවේචනවලට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනය තුළ හමුදා මෙහෙයුම් සඳහා නව අණදෙන නිලධාරියෙකු පත් කිරීමට පුටින් පියවර ගනු ලැබුවා. මෙම තනතුරට අලුතෙන් පත්කර ඇත්තේ ජෙනරාල් සර්ජි සරෝවී නැමැති නිලධාරියෙක්. පනස් පස් හැවිරිදි ඔහු චෙච්නියාව, ටජිකිස්ථානය, සිරියාව වැනි කලාපවල යුධ මෙහෙයුම් සඳහා සම්බන්ධව සිටි අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.
එම හමුදා නිලධාරියාගේ පත්වීමත් සමඟ යුක්‍රේනයේ විනාශය දැන් ආරම්භ වී ඇති බවයි රුසියාව පවසන්නේ.
මෙම හමුදා නිලධාරියාගේ පත්වීම සමඟ අනුකම්පා විරහිත ප්‍රහාර දැන් යුක්‍රේන භූමිය තුළ ක්‍රියාත්මකයි. කර්ච් පාලමේ පිපිරීම සම්බන්ධව පළිගැනීම ඊයේ දින ආරම්භ කළ බවයි රුසියාව පවසන්නේ. ඒ අනුව යුක්‍රේනයේ කියෙව් ඇතුළු නගර දාසයක් වෙත මිසයිල ප්‍රහාර අසූ තුනක් රුසියාව ඊයේ දින එල්ල කළා.
යුක්‍රේනයේ ප්‍රධාන පාලම්, විදුලි බලාගාර ඉලක්ක කරමින්, ප්‍රහාර රැසක්ම එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් ආරක්ෂණ පද්ධති මේ වන විට සක්‍රීයවයි පවතින්නේ.
මේ අතර රුසියානු මිසයිල ප්‍රහාරවලින් පසු සෙලෙන්ස්කි ජෝබයිඩන්ස් සමඟ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ජෝ බයිඩ්න්, රුසියාවේ මේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.



