ලොව ප්‍රවීනතම දේශපාලඥයෙක් ලෙස සැලකෙන මැලේසියාවේ මහතීර් මොහොමඩ් පිලිබඳ ජාත්‍යන්තරයේ නැවත කතාබහක් ඇතිව තිබෙනවා.
97 හැවිරිදි වියේ පසුවන ඔහු එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කරන බවයි වාර්තා වන්නේ.
මහතීර් මොහොමඩ් දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
හෘදයාබාධයක් හේතුවෙන් 2022 වසරේ මුලදී ඔහු රෝහල්ගත වුවද මහතීර් පවසන්නේ තමාගේ පාර්ලිමේන්තු අසුන රැකගැනීමට තමා තවමත් සූදානම් බවයි.



