දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 3ක හදිසි ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.
ඒ වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ ටැස්මේනියා ප්‍රාන්තවලයි.
එම ප්‍රාන්තවල පදිංචි ජනතාවට ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වන ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
මෙම ගංවතුර තත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.
මේ වන විට ආපදාවලට ලක්වූවන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.



