රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවී යන්නේ 237 වන දිනයයි.
රුසියාව හා යුක්‍රේනය අතර යුධ ගැටුම් දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.
පසුගියදා රුසියාව යුක්‍රේනයට ප්‍රහාර මාලාවක් එල්ල කළා.ඉන් යුක්‍රේනයේ ඇති විදුලි බලාගාරයන්ගෙන් 30%ක් විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි සන්නිවේදන සබඳතා ද බිඳ වැටී ඇති බව යුක්‍රේනය පවසනවා.
මේ අතර බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් ඇමෙරිකාවේ හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.
මෙම සංචාරය පිළිබඳ සම්පුර්ණ තොරතුරු ලබාදී නැති බවත් එය රහසිගත බව විදෙස් මාධ්‍යයේ සඳහන්.
කෙසේ වෙතත් මෙම සංචාරය පුටින්ව ප්‍රකෝප කරන ක්‍රියාවක් ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබෙනවා.



