අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් යළි සංශෝධනය කෙරේ

අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවති සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද එම අමාත්‍යාංශවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version