රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 244 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 244 යි.

රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරාවිද යන්න මෙහිදී වඩාත් කතාබහට ලක් වූ කාරණාවක්.

අවස්ථා කීපයකදීම න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට රුසියාවද අනතුරු හැගෙව්වා.

ඒ සම්බන්ධයෙන් යුක්‍රේනයසේම බටහිර රටවල්ද ප්‍රතිචාර දැක්වුවා.

ඒ පුටින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට පෙර නොවූ විරූ විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පවසමින්. නමුත් එක්සත් ජාතීන්ගේ ක්‍රෙම්ලින තානාපති පවසන්නේ රුසියාව යුක්‍රේන යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවයි.

ඔහු මේ බව පවසා තිබෙන්නේ CNN සමඟ කළ සකච්ඡාවකදී. එසේම රුසියාව යුධ අභ්‍යාස කරන අතරතුර අන්තර් මහද්වීපික බ්ලස්ටික් මිසයිලයක් අතහදා බලා තිබෙනවා.

එම මිසයිලය ගුවනට මුදා හරින ඡායාරූප සහ දර්ශන සමාජ මධ්‍යයේ දක්නට ලැබුණා.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශෝයිගු පැවසුවේ මෙම අත්හදා බැලීම න්‍යෂ්ටික අවියක් හා සමාන බවයි.

රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පලි ගැනීමක් ලෙස මෙම මිසයිලය යොදාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුධ අභ්‍යාස සඳහා නියම කර තිබු සියලුම කාර්යන් මේ වන විට සම්පුර්ණ කර ඇති අතර අත්හදා බැලූ සියලුම මිසයිල සාර්ථකව ඉලක්ක වෙත ලඟා වූ බවයි.

මේ අතර Dirty Bombs හෙවත් අපිරිසිදු විකිරනශීලි ද්‍රව්‍ය අඩංගු බෝම්බ භාවිතා කරන බව පවසමින් රුසියාව ලෝකය බ්ලැක් මේල් කරන බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙස්කි රෙස්නිකොව් පවසනවා.

මේ අතර එක්සත් ජනපදයේ පෙන්ටගනය හයිපොසොනික් ආයුධ අත්හදා බලා තිබෙනවා. මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ නාසාහි වැලොප්ස් ෆ්ලියිට් ෆැසිලිටි අංශයෙනුයි.

සාමාන්‍යයෙන් හයිපොසොනික් මිලයිල පැයට කිලෝමීටර 5600ක පමණ වේගයකින් ගමන් කරනවා.

හයිපොසොනික් මිසයිල නිපදවීමේදී ඉදිරියෙන්ම සිටින රටවල් වනුයේ එක්සත් ජනපදය රුසියාව සහ චීනයයි.

මේ අතර දිගින් දිගටම රුසියාව ප්‍රහාර එල්ලකලද නැගෙනහිර ඩොන්බාස් කලාපයේ නගර 2ක සිය හමුදා රැදී සිටින බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා.

ඔහු සිය සුපුරුදු සවස දේශනයේදී කියා සිටියේ රුසියාවේ විවිධ පිස්සු උපක්‍රමවලට එරෙහිව යුක්‍රේනය නැගීසිටින බවයි.

එසේම මේ වන විට දරුණුතම සටන් පවතිනුයේ ඩොනෙට්ස්ක් නගරයෙන් පිටත Avdiivka, Bakhmut නගර අසල බවයි සෙලෙන්ස්කි පැවසුවේ.

Read more

Local News