රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 245 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුම් ආරම්භ වී අදට දින 245 යි.

පුටින් ඊයේ සිය වාර්ෂික දේශනය පැවැත්වූවා. ඒ මොස්කව්හි පිහිටි චින්තනාගාරයක් වන වල්දායි (valdai) සාකච්ඡා ශාලාවේදීයි. එහිදි පුටින් ඔහුගේ ලෝක දැක්ම සහ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ අරමුණු ගැන පැහැදිලි කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය දේශනයෙන් පසුව ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ද පිළිතුරු දී තිබෙනවා. පුටින් සිය දේශනය ආරම්භ කර ඇත්තේ බටහිර රටවල එකමුතුකමක් නැතිබව පවසමිනුයි. එසේම පසුගිය මාස කිහිපය තුළ යුද්ධය සේම අර්බුද තීව්‍ර වීමට හේතූන් කිහිපයක්ම බලපෑ බව පුටින් පැවසුවා.

ඒ අනුව බටහිර රටවල් යුක්‍රේන යුද්ධයට ඉන්ධන, අවි ආයුධ, මූල්‍ය ආධාර සැපයීම, තායිවානය සම්බන්ධයෙන් ප්‍රකෝපකාරි ක්‍රියාකාරකම්, සහ ලෝක ආහාර හා බලශක්ති වෙළඳපොළවල් අස්ථාවර වීම් බලපෑ බවයි පුටින් පැවසුවේ. ඒ අතරින් ලෝක ආහාර හා බලශක්ති වෙළඳපොලවල් අස්ථාවර වීම කවුරුන් හෝ හිතාමතා සිදු කළ දෙයක් නොවන බවද ඔහු පැවසුවා.

එසේම මෙහිදී පුටින් බටහිර රටවලට චෝදනාවක් එල්ල කළා. ඒ බටහිර රටවල් භයානක, අපිරිසිදු සහ මාරාන්තික ක්‍රීඩාවකට සහභාගි වන බව පවසමිනුයි. බටහිර රටවල් යටත් විජිතවාදයෙන් අන්ධ වී ඇති බවත් සිය ආධිපත්‍යන් කොන්දේසි විරහිතව පිළිගන්නා බවත් පුටින් පවසනවා. ” බටහිර සංස්කෘතියට අවශ්‍ය ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ අභිමානවත් පෙළපාලි හඳුන්වාදීමට නම් ඔවුන්ට එය කිරීමට ඉඩ දෙන්න. නමුත් අනෙක් අයට ඔවුන්ගේ අඩිපාරේ යන ලෙස ඉල්ලා සිටීමට බටහිර රටවලට අයිතියක් නැහැ ” යනුවෙන් පුටින් මෙහිදී පැවසුවා.

මේ අතර රුසියානු ජනාධිපතිවරයා එක්සත් ජනපදයට දොස් පවරනු ලැබුවා. ඒ ඩොලරය ආයුධයක් ලෙස භාවිතා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අපකීර්තියට ලක් කරන බව පවසමිනුයි. මෙහිදී පුටින් යුක්‍රේනය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. ඔහු යුක්‍රේනය හැදින්වූයේ කෘතිම රාජ්‍යයක් ලෙසයි. එසේම යුක්‍රේනයේ අද තත්ත්වයට වගකිව යුත්තේ බටහිර බවද පුටින් පවසනවා.

Read more

Local News