පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ (Global Green Growth Institute) සමුළුවෙහි හා කවුන්සිලයෙහි උප සභාපති ධූරයට පත් කර ඇත.
පසුගිය 27 වෙනිදා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11වන සමුළුවේ දී ශ්‍රී ලංකාව ඉහත තනතුරට පත් කරගෙන තිබේ.



