රුසියා යුක්‍රේන යුධ ගැටුමට අදට දින 250 යි

Share

රුසියා යුක්‍රේන යුධ ගැටුම ආරම්භ වී අදට දින 250 යි.

ඒ අනුව යුද්ධය ආරම්භ වී මේ ගෙවී යන්නේ 8 වෙනි මාසයයි.

ගෙවුණු මාස කිහිපය තුල යුක්‍රේනයේ තත්වය සම්බන්ධයෙන් පරික්ෂ කිරීමට හා නවීන යුද්ධය පිලිබඳ විශ්ලේෂණය කිරීමට ප්‍රධාන පෙලේ යුධ විශේෂඥන් අතර සාකච්ඡා පැවැත්වුණා.

එහිදී ගෙවුණු මාස 7හි තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින පැවැත්වුණා.

ඊට යුධ විශේෂඥයින්ද එක් වුණා.

පුටින් ඉක්මනින්ම පරාජය භාර ගන්නේ නැති බවත් ඔහු ඔහුගේ ඉදිරි සැලසුම්ද යුධ ජයග්‍රහණ සඳහා ක්‍රියාත්මක කරනු ඇති බවට එහිදී අදහස් පල වුණා.

එසේම මෙම යුද්ධය ලබන වසරේ වඩාත් තීව්‍ර වනු ඇති බවයි මයිකල් ක්ලාක් පවසන්නේ.

මාස කිහිපයකට පසු ඇමෙරිකානු ජනාධිපති හා යුක්‍රේන ජනාධිපති අතර දුරකථන සංවාදයක් සිදුවුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන් දෙදෙනා අතර ගෙවුණු මාස කිහිපය තුළ කිසියම් දුරස්ථ භාවයක් නිර්මාණය වී තිබුණු බවයි.

Read more

Local News