සතුන් සඳහා බඩඉරිඟුවලට ආදේශකයක්

සත්ව ආහාර සඳහා බඩඉරිගු වෙනුවට සුනුසහල් හෙවත් කැඩුනු සහල් Broken Rice ආදේශකයක් ලෙස යොදා ගැනීමේ සුදුසුභාවය පිළිබදව ලිඛිත සහතිකයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි.

අමාත්‍යවරයා කළ ඉල්ලිම පරිදි සත්ව නිෂ්පාදන හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සත්ව ආහාර ආදේශකයක් ලෙස කැඩුනු සහල්වල සුදුසුභාවය තහවුරු කර තිබේ.

බඩඉරිඟු හා කැඩුනු සහල් සත්ව ආහාර නිෂ්පාදනයේ දී ශක්තිජනක ආහාර අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු ලබයි.

බඩඉරිඟුවල කුකුළන් සඳහා වූ පරිවෘතික ශක්තිය කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 3300- 3400ත් අතර පවතී. කැඩුනු සහල්වල එම මට්ටම කිලෝග්‍රෑම් එකකට කිලෝ කැලරි 2900-3000ත් අතර අගයක් ගනී.

බඩඉරිඟු සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී සියයට 60කට අධික ප්‍රමාණයක් ලෙස භාවිතා කළ හැකි අතර කැඩුනු සහල් උපරිම වශයෙන් සියයට 40- 50ක ප්‍රමාණයක් භාවිතා කළ හැකිය.

Exit mobile version