මේ අතර ශ්‍රී ලාංකිකයින් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ආධාර ලෙස ලබාදුන් ඖෂධ තොගයක් කොළඹ වරායේ සිරවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අදාළ ඖෂධ තොගය මසකට අධික කාලයක් සිරවී ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකය විසින් මීට අදාළ ලිපි ලේඛන මේ දක්වා ඉදිරිපත් නොකිරීම මීට හේතුව බවටයි වාර්තා වුණේ.
ඖෂධ හිඟය වගේම රට තුළ මන්ද පෝෂණ තත්වයක් පවතිනවා.
මෙය සෞඛ්‍ය අමාත්‍යවරයා පවා වරකදී පිළිගත් කරුණක්. ඒ වගේම වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මේ පිළිබඳව නිරන්තරයෙන්ම අනාවරණය කළා.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ජනතාව මන්ද පෝෂණයෙන් පෙළෙන බවට පැවසූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසිනුයි. ඒ අනුව මෙම තීරණය ලබාදීමට පෙර නිසි සුදුසුකම් සහිත පරීක්ෂණ සභාවක් හරහා කරුණු විමසන ලෙසයි එම සංගමය ඉල්ලා සිටින්නේ.



