තෙල් මිල අඩුකරන්නේ නැහැ – කංචන විජේසේකර

Share

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවය.

එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

Read more

Local News