ඩුබායිහි මහල් 35 කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක්

Share

ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායිහි බර්ජ් කලීෆා යි.

එම ගොඩනැගිල්ල අසල මහල් 35 කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

සඳුදා දින අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවීමේ භටයින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණා.

මහල් 35කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සියලුම මහල් ගින්නට හසුවී ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ දෙනෙකු දුමාරයට හසුවී රෝගී වී ඇති බව වාර්තා වෙයි.

අනතුරින් තුවාල ලැබූවන් සහ මියගිය ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

එසේම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News