මිල්ලනිය සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනම විමර්ශනයක්

Share

බණ්ඩාරගම මිල්ලනිය පාසලක දරුවන් පිරිසකට පොලිස් නිලධාරීන් පහරදුන් බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය මගින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දරුවන්ගේ මනස තේරුම්ගෙන මෙවැනි සිදුවීම්වලදී කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල බස්නාහිර පළාතේ කොළඹ නගරයේ පාසල් ආවරණය වන පරිදි විශේෂ වැඩමුළුවක් පැවැත් වූ බවත් ඉදිරියේ දී එම වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,දරුවන්ට පාසල්වල කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඉදිරියේ දී එම වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

Read more

Local News