පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳුන්ට වැඩ වරදි

Share

මේ වන විට මෙරට වෙළඳපොළ තුළ පවතින ගැටලුවක් වන්නේ බිත්තර හිඟයයි. පසුගිය කාලයේදී බිත්තර සඳහා පාරිභෝගික අධිකාරිය මගින් පාලන මිලක් නියම කළා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් හතළිස් තුනක මිලකටත්, රතු බිත්තරයක් රුපියල් හතළිස් පහක මිලකටත් අලෙවි කළ යුතුව තිබුණා

ඒ සඳහා රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නමුත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පාරිභෝගික අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව රුපියල් පනහක මිලකට වෙළඳපල තුළ බිත්තර අලෙවි කිරීමට කටයුතු කළා. එසේ වෙළෙඳපොළ තුළ රුපියල් පනහක මුදලකට අලෙවි වන බිත්තරවල මිල යළිත් ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් එකඟතාවය පළකර තිබෙනවා.

එසේ හිතුමතේ බිත්තර වල මිල ඉහළ දැමීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ. මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කල වෙළඳසැල් කිහිපයක් වටලා තිබෙනවා.

එසේ හඳුනාගත් වෙළඳසැල් හිමියන් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News