රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 259 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 259 යි.

යුධ ගැටුමක් තුළ සිදු කරන ඉතා අසාමාන්‍ය පියවරක් රුසියාව ඊයේ ක්‍රියාත්මක කළා.

ඒ රුසියානු පාලනය යටතේ තිබූ කේසෝන් වෙතින් සිය හමුදා ඉවත් කර ගැනීමටයි.

කෙසේ නමුත් එහි සිටි සියලුම සොල්දාදුවන්ට ඉවත්වීම සඳහා සතියක්වත් ගත වනු ඇති බවයි.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ.

රුසියානු සොල්දාදුවන්ගේ මෙම ඉවත්වීම රුසියාවට සේම යුක්‍රේනයටද වැදගත් බව යුධ විශේෂඥයින් පෙන්වා දෙනවා.

මේ අතර දකුණු යුක්‍රේනයේ ජනාවාස 41 ක් නිදහස් කරගත් බව සෙලෙන්ස්කි පවසනවා.

ඒ සිය සුපුරුදු සවස දේශනයේදී.

එසේම යුක්‍රේනයට උසස් තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන යානා සැපයීම එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර පුටින්ව ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව පුටින්ගේ හිටපු සමීප උපදේශකයෙකු පවසනවා.

එම නිසා පුටින් G – 20 සමුළුවට සහභාගී වන්නේ නැති බවයි වාර්තා වන්නේ.

Read more

Local News