ඊයේ දිනයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරමආර ඔය මාකඳුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබෙනවා.
එහිදී කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් මාකඳුර ප්‍රදේශයේදී කිරමආර ඔයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මංතීරුවක් පමණක් ගමනාගමනයට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. එම මාර්ගය භාවිතා කරන පිරිස ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටිනවා.
ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල පූනගල මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
තවද පස් කන්දක් කඩා වැටීමෙන් බණ්ඩාරවෙල ගල්වල හන්දියේ පිහිටි සමෘද්ධි බැංකුවේ කොටසකටද හානි සිදුව තිබෙනවා.



